SinhaleseTranslation
Contents |
ආයුබෝවන්!
Netbeans සිංහල අනුවාද පිටුවට ඔබව ඉතා සාදරයෙන් පිළිගනිමු.
තාක්ෂණය සිංහලයට නැගීම තුල, මෘදුකාංග සංවර්ධනයට ලැබෙන්නේ ප්රමුඛ ස්ථානයකි. නමුත් සිංහලෙන් මෘදුකාංග සංවර්ධනයට යොමුවන්නේ අතලොස්සකි. සිංහල මෘදුකාංග සංවර්ධනය දියුණු කරනු වස්, Netbeans සිංහලයට නැගීම ඉංග්‍රීසි වැඩි වශයෙන් නොදන්නා මුත්, ක්ෂේත්රයේ දක්ශතාවයක් දැක්විය හැකි නවක මෘදුකාංග සංවර්ධකයන්ට මනා පිටුවහලක් වන අතර, ප්රමුඛ පෙලේ මෘදුකාංග සංවර්ධකයින් පවා මව් භාෂාව සමග වැඩ කිරීමට හැකි වේ නම්, එය භාග්‍යක් කොට සලකන වග අපි දනිමු.
Unicode Sinhala භාවිතය තුල තවමත් ගැටුම් කාරී තත්වයක් පවතින අතර, එම තත්වය නිරාකරණය කරගැනීමද මේ ඔස්සේ සිදු කිරීමට උත්සාහ දරමු.
සිංහලට පරිවර්ථනය කලයුතු අංශ
Netbeans සිංහලයට පරිවර්ථනය කිරීම තවමත් මූලික මට්ටමේ පවතින අතර, ඒ සඳහා ලාංකික ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු.
මෙම පරිවර්ථන ව්යාපෘථියේදී අප විසින් පහත දැක්වෙන අංශ වෙත අවධානය යොමුකල යුතුව ඇත.
Netbeans මෘදුකාංගය
- Netbeans IDE එක සිංහලට පරිවර්ථනය කිරීම [මේ පිළිබඳව හැදින්වීමක් කරන්න.]
ලිය කියවිලි
- පරිවර්ථන තත්ව වාර්ථාව (Translation state report) පරීක්ෂා කර එහි යාවත්කාලීන කල යුතු අංශ පරිවර්ථනය කිරීම.
- සමූහයට අදාල ලියකියවිලි (Community Docs) පරිවර්ථනය කිරීම.
පාඩම්
- පාඩම් සකස් කිරීම (Tutorials/Demos) [මේ පිළිබඳව තව දුරටත් හැදින්වීමක් කරන්න.]
සති අන්ත පුවත් පත්‍රිකාව
- සතිපතා පලවන පුවත් පත්‍රිකාව සමග එහි සිංහල සංස්කරණය නිකුත් කිරීම.
සමූහයේ සාමාජිකයෝ
- ලංකා ප්‍රසාද් (LP) - 2010 ජුලි සිට
- ඉඳුනිල් චාමර (IC) - 2014 ජනවාරි සිට
අත්‍යාවශ්‍ය ඇමිණුම්
Language Mailing List: nbdiscuss_si_LK@netbeans.org
Translation Team Mailing List: si_LK@nblocalization
Team Page: nblocalization.netbeans.org/index_si.html
Localization Update Center: Localization Update Center